INTRODUCTION ABOUT SCHOOL

 


1.1 පාසලේ මූලික තොරතුරු

 

පාසලේ නම                                         :   උ/මැ/ප/අනු/කැකි/පලා/ආඬියාගල නවෝද්‍යා විද්‍යාලය

පාසල් සංගණන අංකය                         :           19422

පාසල් වර්ගය                                        :           1C  /පළාත් පාලන /6-13(ද්විතීක) /මිශ්‍ර

පාසල් දුරකථන අංකය                          :           0252269225

විද්‍යුත් තැපැල් ලිපිනය                           :           anv.andiyagalanawodya@gmail.com

පාසල් සංවර්‍රධන සමිති ගිණුම් අංකය      :           301100150025486

අධ්‍යාපන කොට්ඨාසය                           :           පලාගල

අධ්‍යාපන කලාපය                                 :           කැකිරාව

ග්‍රාමනිළධාරී කොට්ඨාසය                      :           670 - ආඬියාගල

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය                 :           පලාගල

දිස්ත්‍රික්කය                                            :           අනුරාධපුර

පළාත                                                   :           උතුරු මැද පළාත

පාසල් ශිෂ්‍ය සංඛ්‍යාව                             :           656

ගුරු සංඛ්‍යාව                                         :           41                                           

 

1.2. පාසලේ ඉතිහාසය

 

ශ්‍රී ලංකාව 1815 දී බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක් බවට පත්වීමෙන් පසු මෙරට පැවති බෞද්ධ අධ්‍යාපන ක්‍රමය පිරිහී ගිය අතර රට පුරා මිෂනාරි පාසල් ව්‍යාප්ත වුවද ආඬියාගල ප්‍රදේශයේ කිසිදු අධ්‍යාපන මූලස්ථානයක් ආරම්භ වී නොතිබිණි. 1920 වර්‍රෂය වන විට සාක්ෂරතාවයෙන් හෙබි ටී. එම්. මුදලිහාමිනැමැති මහතෙකු විසින් ප්‍රදේශයේ දරුවන්ට අකුරු කියා දීමට පොල් අතු සෙවිලි කළ කුටියක් ආරම්භ කරන ලදී. මුදලිහාමි මහතා හා ප්‍රදේශවාසීන් විසින් එවකට අනුරාධපුර සුදු ඒජන්තවරයාට ලබාදුන් පෙත්සමක ප්‍රතිඵලයක් වශයෙන් 1920 වර්‍රෂයේදී පෙරේරා නැමැති විදුහල්පතිතුමා එක් ගුරු භවතෙක් සහ සිසුන් 18 කින් යුක්තව ආඬියාගල රජයේ පාසල ආරම්භ කරන ලදී. මෙසේ ආරම්භ කළ ආඩියාගල රජයේ පාසල 1966 වන විට සිසුන් 350 ක් දක්වා වර්‍රධනය වී තිබිණ.

1972 දී ඊ. එම්. කේ. ඒකනායකමහතාගේ නායකත්වය යටතේ මහා විද්‍යාලයක් ලෙසට  සංවර්‍රධනය වූ මෙම පාසල 1988 වර්ෂයේ සුවිශේෂී සන්ධිස්ථානයක් පසු කරමින් පර්‍රෂද මූලස්ථාන විද්‍යාලයක් බවට පත් විය. දිනෙන් දින ගුණාත්මක අධ්‍යාපන සංවර්‍රධනය තව තවත් තහවුරු කරමින් 2007 එවකට අධ්‍යාපන ඇමැතිව සිටි  සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ නවෝද්‍යා පාසල් සංකල්පය යටතේ මෙම පාසල ආඬියාගල නවෝද්‍යා විද්‍යාලය බවටත් 2014 වර්‍රෂයේදී මහින්දෝදය විද්‍යාගාරයක් සහිතව තවදුරටත් සංවර්‍රධනය විය. ආරම්භයේ සිට මේ දක්වා පාසලට නායකත්වය ලබා දුන්  විදුහල්පති වරු සියලුම දෙනාගේ උත්සාහය හා කැපවීම යටතේ සියවසකට අධික ගමන් මගක් ගෙවා නිම කළ ආඬියාගල නවෝද්‍යා විද්‍යාලය 2021 වසරේ සිට ආඬියාගල ජාතික පාසල වශයෙන් තවත් සියවස් ගණනාවක් ආඬියාගල ප්‍රදේශය තුළ විරාජමානව වැජඹෙන බව  නොඅනුමානය.

 

1.3. පාසල පිළිබඳ හැඳින්වීම

ශ්‍රී ලංකාවේ ජාතික පාසල් නාමාවලියට එක් වන ආඬියාගල ජාතික පාසල උතුරුමැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව කලාපයේ පලාගල අධ්‍යාපන කොට්ඨාසයට අයත් පාසල් අතරින්  (6 -13) ශ්‍රේණි වලින් සමන්විත ද්විතීක පාසල් අතරින් කැපීපෙනෙන සිසුන් සංඛ්‍යාවක් සිටින පාසලකි. උසස් පෙළ කලා හා වාණිජ අංශ ක්‍රියාත්මක වන අතර 2019 වර්‍රෂයේ සිට දහතුන් වසරක අඛණ්ඩ අධ්‍යාපනය සඳහා ද පහසුකම් සම්පාදනය කොට ඇත. එමෙන්ම 2010 වර්‍රෂයේ පෝෂිත ප්‍රදේශ 10 කින් පමණ සැලකිය යුතු සිසුන් පිරිසක් පාසලට වාර්‍රෂිකව ඇතුළත් වේ . මෙහි දී ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් පමණක් නොව අවම ලකුණු මට්ටම් සහිත අසමත් දරුවන් ද ඇතුළත් කර ගැනීම විශේෂත්වයකි. එම සංකීර්‍රණ අභියෝගය ජයගනිමින්  අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉහළ මට්ටමකට ගෙන යමින් ප්‍රදේශයේ ආදර්‍රශමත් පාසලක් ලෙස මෙන්ම අ.පො.ස. උසස් පෙළ විෂය සඳහා පෝෂිත ප්‍රදේශවල සිසුන් ද ඇතුළත් කරගනිමින් අවට ප්‍රදේශවාසීන් ගේ ද නොමද ගෞරවයට පාත්‍ර වෙමින් පවතී .

අධ්‍යාපනික ජයග්‍රහණයන්ගෙන් පමණක් නොව විෂය සමගාමී ක්‍රියාකාරකම් වලින්ද මෙම පාසලේ දුවා දරුවන්  සුවිශේෂී ස්ථානයක සිටී. එසේම ක්‍රීඩා කටයුතු / ශිෂ්‍ය භට/පරිසර නියමු භට/ සෞන්දර්‍රයය /භාෂා හා අනෙකුත් විෂය සමගාමී ක්‍රියාකාරකම් තුලින් කොට්ඨාස කලාප පළාත් හා සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ ලබාගැනීමට සමත්ව ඇත.  නැටුමෙන්, ගැයුමෙන්,  විවාදයෙන්, වේදිකාවතුළින්,  නිවේදනයෙන්, නිර්‍රමාණශීලී බවින්, නව නිපැයුම් වලින්, ලොවක් ජයගන්නට සමත්   දීරිය දූ පුතුන් දැයට දායාද කිරීමට මේ වන විටත් අප පාසල මහඟු කර්‍රතව්‍යයක යෙදී සිටී.

අධ්‍යාපනයේ ප්‍රමුඛතම කාර්‍රයය වනුයේ දැනුම ආකල්ප කුසලතාවයන්ගෙන් හෙබි සෞඛ්‍ය සම්පන්න වූත් මනා පෞරුෂයකින් යුතු විසි එක්වන සියවසට අධ්‍යාපන අභිමතාර්‍රථයන් ට ළඟා විය හැකි වූ අනාගත අභියෝගයන්ට සාර්‍රථකව මුහුණ දිය හැකි පුරවැසියකු සමාජයට දායාද කිරීමයි.

 

 

Comments

Popular posts from this blog